දොස්තර සාෆි නිසා වඳ වූ බව කියන මව්වරුන් 130ක් ගැබ් ගැනීම ගැන අනාවරණයක්.

Sri Lanka
By Wayomi Mar 01, 2023 08:12 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මවුවරුන් වඳ කළ බවට දොස්තර සාෆි ශිහාබ්ධීන්ට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී බරපතළ චෝදනා එල්ල වුණා.

පසුව මේ පිළිබඳව සිදු කළ නඩු විභාගයකින් අනතුරුව දොස්තර සාෆි එසේ නොකළ බව ඔප්පු විය.

එමෙන්ම නියමිත රාජකාරි කාලයට අදාළව වැටුප් ගෙවීමට ද අධිකරණය විසින් රජයට නියම කරනු ලැබුවා.

එලෙස දොස්තර සාෆි එරෙහිව වන්ධ්‍යාකරණයට ලක් කිරීම පිළිබඳ මවුවරුන් ගණනාවක් පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් එලෙසෙ වන්ධ්‍යාකරණයට ලක් බව කියන මවුවරුන්ගෙන් 130 දෙනෙකුට පමණ මේ වන විට දරුවන් ලැබී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දැනට සොයාගෙන ඇති ගැබ් ගත් මවුවරුන් ගණන 130ක් වුණ ද එය තවදුරටත් සිදු කරන විමර්ශන හරහා 200 දක්වා හෝ වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW