දුව වැඩට ගිහින් එන අතරේ මව අභිරහස් ලෙස මියගිහින්.
Sri Lanka
Crime
Death
By Wayomi
ඊයේ (09) ගම්පොළ, නවදෙවිට ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
එලෙස මිය ගිය කාන්තාවගේ දියණිය රැකියාව සඳහා පිටව ගිය පසු නිවසේ තනිවම සිටි මෙම කාන්තාව ඝාතනයට ලක් ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
දියණිය රැකියාව නිම කර නිවසට පැමිණි විට සිය මව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැක ඇත්තේ, මව නිවසේ ඇඳක් යට ගෙළෙහි බැඳී පටියක් ද සහිතව මිය ගොස් ඇති බවයි.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 63ක අයෙක් වන අතර සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙය සැක කටයුතු මරණයක් බැවින් ගම්පොළ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
