වදපු අම්මාම දින 20ක කිරි කැටියා විකුණලා - අත්අඩංගුවට
දින 20 ක බිළිදෙකු රුපියල් ලක්ෂයකට අලෙවි කළ සැකකාර මවක් සමඟ එම බිළිදා මීලදි ගත් බව කියන කාන්තාවක් පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිලධාරීන් අද( 26) දින අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව විමර්ශනවලදි හෙළිව තිබුණේ පල්ලම කම්මන්දළුව ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණියක් බිහිකල බිළිදෙකු මෙසේ මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයේ කාන්තාවක් විසින් රුපියල් ලක්ෂයක මුදලකට මිලදි ගෙන තිබු බවයි.
එම 25 හැවිරිදි තරුණිය නිත්‍යානුකුල නොවන ආකාරයෙන් තරුණයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබු බවත් අඳළ තරුණයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි විමත් අධික ආර්ථික අපහසුතාවයක් හේතුවෙන් මෙම බිළිදා රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කර තිබු බව සඳහන් කරයි.
එමෙන්ම මෙම බිළිදා මිලදි ගත් කාන්තාව විවාහ වි වසර 18 වැඩි කාලයක් ගතව තිබුණද දරුවන් නොමැති විම හේතුවෙන් මෙම තරුණිය පිළිබදව ලැබුණ තොරතුරු මත දරුවා බිහි කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බිළිදාගේ මවට ලබා දී ලබා ගෙන තිබු බව සඳහන්.
කෙසේ වෙතත් පුත්තලම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ පොලිස් පරික්ෂණවලදි මෙම කරුණු අනාවරණය වී තිබුණද බිළිදෙකු මවගෙන් වෙනත් මවක් ලබා ගැනිමේ නිසි නිත්‍යානුකුල ක්‍රියාවලියකින් බැහැරව ලබා ගැනිම නිසා බිළිදා බිහි කළ මව හා මිලදි ගත් කාන්තාව ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනිම සිදුව තිබු බවයි.