දරුවෙක් ලබන ලොකුම ජයග්‍රහණය කිව්වොත් හරි - බලන්නකෝ ඒ අම්මගේ තියෙන සතුට.. (VIDEO)

Sri Lanka
By krishani Sep 10, 2023 10:04 AM GMT
krishani

krishani

Report

අම්මා කීව සැනින් අපට මතක් වෙන්නේ අපේ ආදරණීය අම්මා.ඒ තරම් අම්මා කියන අකුරු තුනේ අපේ ආදරණීය අම්මගේ මතක තියෙනවා අපිට.

සමහරවිට අපේ අම්මා එයාට කන්න තියෙන කෑම ටික පවා එයා කෑවා,මට බඩගිනි නෑ පුතේ කියලා අපිට දෙන වෙලාවල් තියෙනවා.

අම්මත් ආසයි රස රස කෑම කන්න.නමුත් එයාට ඒ රස කෑමවලට වඩා වටින්නේ අපිව.ඉතින් ඒ නිසා එයාට තියෙන කෑම ටික පවා අපිට දෙනවා.

මට මතකයි මන් පොඩි කාලේ අහනවා "අම්මේ ඔයා ආස නැද්ද මේ කෑම කන්න.මන්නම් ගොඩක් ආසයි" කියලා.

ඒත් අම්මා කියන්නේ "නෑ පුතේ මන් ඕවා කන්න එච්චර ආස නෑ.. ඒ නිසා ඔයා කන්න.." කියලා.

ඒත් මට ලොකු උනාම තේරෙන වයසට ආවාම, මට තේරෙනවා මගෙ අම්ම එහෙම කීවේ මන් නිසා කියලා.

ඉතිම් අම්මලා කියලා කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ගෙදර බුදුන්".

අපි මොන තරම් නිලයක හිටියත් අම්මගේ චුටි පුතා.ලෙඩක් දුකක් හැදුනාම අපි ලගටම වෙලා අම්ම තරම් දුක් වුනේ කවුද?

අපිට මහලොකු දේවල් ඕන නෑ.පුංචි දෙයක් වුනත් ඇති අම්මා අපි ගැන සතුටු වෙන්න.ආදරය කරන්න.පොඩිකාලේ ඇස්දෙක වගේ අපිව බලාගත්ත ආදරණීය අම්මව පරිස්සමින් බලාගන්න.අම්මෙක්ට තමන්ගේ ළමයි තරම් මේ ලෝකේ වටින මොකුත්ම නෑ.එයාලගේ ලෝකෙම අපි.

දරුවෙකුට අම්මව හැමදාම සතුටින් තියන්න පුළුවන් නම් ඒක තමයි දරුවෙක් ලබන ලොකුම ජයග්‍රහණය.අම්මා වගේම අපේ ආදරණීය තාත්තා.ඒ දෙන්නා නැත්නම් අපිටත් ජිවිතයක් නැහැ.

ඉතිම් ඒ වගේ ආදරණීය විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.බලන්නකෝ ඒ අම්මගේ තියෙන සතුට.. ?




ReeCha