ප්‍රහාරයක්.. ගුවන් තොටුපොළවල් 3ක් තාවකාලිකව වහන්න.. වහාම තීරණයක් මෙන්න..
By krishani
අද (10) එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ යුක්‍රේනය විසින් ය.

දිස්ත්‍රික්ක 03ක් ගැන එකවරම දැනුම්දීමක්.. ඔබත් මේ දිස්ත්‍රික්කවල ද?. එතකොට අද රෑ වෙනවා කියන්නෙ මොකක්ද?.
2022 වසරේ දී රුසියා - යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව යුක්‍රේනය විසින් සිදුකළ විශාලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඩ්‍රෝන යානා 32ක් යොදාගනිමින් යුක්‍රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ඒ අනුව රුසියානු ආරක්ෂක අංශ විසින් ඒවා බිම හෙළීමට කටයුතු කර තිබෙනවා.
උද්ගත වූ තත්ත්වය හමුවේ මොස්කව්හි අවදානම් ප්‍රදේශවල පිහිටි ගුවන්තොටුපොළ 03ක කටයුතු තාවකාලිකව නතර කර ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඩ්‍රෝන ප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද රුසියානු බලධාරීන් තහවුරු කර ඇත.