ඉරානයේ බැංකු ක්ෂේත්‍රය කළඹමින් ප්‍රධාන බැංකු හතරකට සයිබර් ප්‍රහාරයක්
සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවන් අඩාල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේ වුවද මෙම ප්‍රහාරයෙන් ගනුදෙනුකරුවන්ගේ දත්ත කිසිවක් හෙළිදරව් වී නොමැති බවට එරට බැංකු සම්බන්ධීකරණ කවුන්සිලය ප්‍රකාශ කළ බව සඳහන්.
ඒ අනුව මෙම ප්‍රහාරය Bank Melli, Bank Tejarat, Bank Saderat සහ ඉරාන අපනයන සංවර්ධන බැංකුව මඟින් භාවිතා කරන ලද හවුල් සන්නිවේදන යටිතල පහසුකම් ඉලක්ක කරගත් බව කවුන්සිලය සඳහන් කර ඇත.
එමඟින් තාක්ෂණික කණ්ඩායම් ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීමට පෙළඹවූ අතර සමහර බැංකු සේවාවන්ට තාවකාලිකව බලපෑම් එල්ල වී තිබෙනවා.
එහෙත් පාරිභෝගික තොරතුරු වෙත අනවසර ප්‍රවේශයක් සිදුවී නොමැති බවත් කිසිදු දත්තයක් මකා දමා නොමැති බවත් එහි වැඩිදුරටත් සඳහන් වූ අතර, සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ප්‍රතිසාධන කටයුතු ද සිදුවෙමින් පවතින බව සඳහන්.
සාමයේ පිහිටෙන් ලෝකෙටම සුබ වෙයි - තෙල් මිලෙන් නොසන්සුන් වූ සියලු දෙනා පුදුම කරමින් අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට