හලාවත රෝහලට බලෙන් පැන ආරක්ෂකයින්ට පහරදුන් දෙදෙනාට පොලිසියෙන් වැඩ වැරදෙයි

Report

 හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඊයේ (14) දින රාත්‍රියේ බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ආරක්ෂකයින් තිදෙනෙකුට පහර දීමෙන් එම රෝහලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා විය. 

රෝහල් නිලධාරීන් පැවසුවේ එක් සැකකරුවෙකු තවත් පුද්ගලයෙකු සමඟ මත්පැන් පානය කර නේවාසික ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීමට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි.

ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී ඔවුන් වැළැක්වීමට කටයුතු කළ විට, පහරදීම සිදු   ව තිබේ..

තුවාල ලැබූ නිලධාරීන් දැනට එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටිති.

රෝහල් බලධාරීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, හලාවත පොලිසිය කරවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 34 සහ 35 යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බව පොලිසිය තහවුරු කළේය.