සාමයේ පිහිටෙන් ලෝකෙටම සුබ වෙයි - තෙල් මිලෙන් නොසන්සුන් වූ සියලු දෙනා පුදුම කරමින් අද ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
අමෙරිකා-ඉරාන යුද්ධය අවසන් කිරීමට මැදිහත් වෙමින් සිටින පාකිස්තානය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි, ප්‍රධාන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කරන ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අද(15) දින ආසියාවේ තෙල් මිල ගණන් පහත වැටී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගෝලීය තෙල් මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 4% කින් පහළ ගොස් ඩොලර් 83.81 (ඩොලර් 62.29) ක් ලෙස සටහන් විය.
එසේම එක්සත් ජනපදය වෙළඳාම් කරන තෙල් 4.7% කින් පහළ ගොස් ඩොලර් 80.89 ක් ලෙස සඳහන්.
මේ අතර පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සඳහන් කර ඇත්තේ නිල අත්සන් කිරීමේ උත්සවයක් ජුනි 19 වන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන බවයි.
එමෙන්ම "තෙල් ගලා යාමට ඉඩ දෙන්න!" ලෙස ට්‍රම්ප් සමාජ මාධ්‍යවල පළ කළ අතර, ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසෙම් ගරිබාබාඩි රාජ්‍ය රූපවාහිනියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් එක්සත් ජනපදය සමඟ ගිවිසුමක් අවසන් කර ඇති බව තහවුරු කළා.
එසේ වුවත් බලශක්ති වෙළඳපොළ විශ්ලේෂණ සමාගමක් වන වැන්ඩා ඉන්සයිට්ස් හි වන්දනා හාරි සඳහන් කළේ එකඟ වී ඇති දේ පිළිබඳ විස්තර නොමැතිකම "වෙළඳපොළට නොසන්සුන්තාව සහ අවිනිශ්චිතභාවය එන්නත් කිරීමට ඉඩ ඇති" බවයි.