අද සිට 20 වැනි දා තෙක් දිවයින පුරා ක්‍රියාත්මකයි - සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ නිවාස වෙත මේ නිලධාරීන් එයි
අද (15) සිට යළි ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ. ඒ දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන්.
ඒ අනුව වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුලු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඒවා අධීක්ෂණයට ද මෙම සතිය තුළ කටයුතු කෙරෙන බව සඳහන්.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සතියක් තුළ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අතිශයින් ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර එය පාලනය නොකළහොත් සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් වර්ධනය වනු ඇති බවයි.
එමෙන්ම වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ද මතුව ඇත.
එබැවින් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,ජාතික ඩෙංගු මර්දන ඒකකය, අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලිසිය එක්ව ජාතික ඩෙංගු මර්දන සතිය අද (15) සිට ක්‍රියාත්මක කරයි.
එසේම පළාත් නවයේම ප්‍රධාන ලේකම්වරුන් ඇතුලු සියලුම නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඊට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන් ද සහභාගී විය.
මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ විශේෂඥ වෛද්‍ය ජගත් අමරසේකර මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් සතියක් තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දහසක් වුවත් මේ වන විට එම සංඛ්‍යා ලේඛන ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව අදින් (15) ඇරඹෙන මෙම ජාතික ඩෙංගු මර්දන සතිය ලබන 20 වැනි දින තෙක් ක්‍රියාත්මක අතර එහිදී පහත පරිදි දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මක වේ.
* ජුනි 15, 16 සහ 17 (එළඹෙන සඳුදා, අඟහරුවාදා, බදාදා): නගර ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසිදු කිරීම.
* ජුනි 18 (බ්‍රහස්පතින්දා): පාසල්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම.
* ජුනි 19 (සිකුරාදා): සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීම.
* ජුනි 20 (සෙනසුරාදා): පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයන් පිරිසිදු කිරීම.