තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බියපත් කරමින් අවධානමක් ගැන දන්වයි
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන මංසන්ධියේ නාය ගිය ස්ථානයට ඉහළින් වැවී ඇති යූ කැලිප්ටිස් වර්ගයේ ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගය කඩා වැටිමේ අවධානමක් පවතින බව වාර්තා වේ.
එබැවින් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඊයේ (14) දින සිට එම අවධානම් සහිත ස්ථානයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට පමණක් සීමා කර ඇත.
එමෙන්ම නාය ගිය ස්ථානයේ කඳු මුදුනේ වැවී ඇති යූ කැලිප්ටිස් ගස් කිහිපයක මුල් පෑදී ඇති බවත්, මේ දිනවල එම ප්‍රදේශයේ පවතින දැඩි සුළං සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම ගස් ප්‍රධාන මාර්ගයට ගැලවී ඒමේ අවධානමක් පවතින බවත් සඳහන්.
කෙසේ වෙතත් පීඩාවට මගී ජනතාව සඳහන් කළේ එම අවධානම් සහිත ගස් කපා ඉවත් කරන ලෙසට ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී තිබුණද එයට මෙතෙක් විසදුම් නොලැබුණ බවයි.