කිසිම සුදුසුකමක් නැති හොර වෛද්‍යවරුන් 40,000කට වඩා ලංකාවේ - රෝගීන්ගේ ජිවිත?.
Sri Lanka
By krishani
ලංකාවේ ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 කට අධික ප්‍රමාණයක් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.
එම සංගමය පෙන්වා දෙන්නේ, විවිධ අංශ නියෝජනය කරමින් මෙලෙස කිසිදු සුදුසුකමක් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කරමින් මෙම වෛද්‍යවරුන් බව කියන පුද්ගලයින් කටයුතු කරන බවයි.
එමෙන්ම වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රතිපාදනවල යම් ගැටලුකාරී තත්ත්වයන් පවතින හෙයින් එම ගැටලු නිරාකරණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
