අධිවේගී මාර්ගයේ ඇති වූ හදිසි අනතුරකින් 20 කට අධික පිරිසකට තුවාල

Accident
By Thaya Apr 03, 2021 08:03 PM GMT
Thaya

Thaya

Report

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දක්‍ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේය. කොට්ටාව මාකුඹුර සිට මාතර බලා ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් හා මාතර දෙසටම ධාවනය වු ලොරියක් ගැටීමෙන් 17.4 කිලෝමීටරය ආසන්න ප්‍රදේශයේදී මෙම අනතුරින් තුවාල ලැබුවන් අතර කාන්තාවන්ද සිටින බව දක්‍ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි. අනතුර සිදුවන අවස්ථාවේදී සුඛෝපභෝගී බස් රථයේ මාතර බලා ගමන් කරමින් සිටි මඟීන් 40ක් පමණ ගමන් කොට ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මාතර දෙසට ධාවන වු සුඛෝපභෝගී බස් රථය 17.4 කිලෝමීටරය ආසන්න මිල්ලනිය ප්‍රදේශයේදී අධිවේගී මාර්ගය මැද පිහිටා ඇති ආරක්‍ෂිත වැටේ ගැටී ඇති බවත් යළි මාර්ගය දෙසට විසී වු බස් රථය ඒ වන විට මාතර දෙසටම ධාවනය වු ලොරියක පිටුපසු ප්‍රදේශයේ ගැටී අති බවත් සඳහන් කරන පොලිසිය අනතුරුව මාර්ගයේ වම් පස ආරක්‍ෂිත වැටේ ගැටී එයද කඩාගෙන බෑවුමට පෙරළි ඇතැයි පොලිසය සඳහන් කරයි.

ලොරි රථය උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන මැදමුලන ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබු බවද පොලිසය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබුවන්ට එහි පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් විසින් ඒ ස්ථානයේදීම ප්‍රතිකාර කළ බවත් ඉන් අනතුරුව ඔවුන් රෝහල් කරා යොමු කිරීමට පියවර ගත් බවත් සඟන් කළ පොලිසිය අනතුරින් සුඛෝපභෝගී බස් රථයටද ලොරි රථයටද දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටටද දැඩි හානි සිදුවී ඇති බවද සඳහන් කළේය.