හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

Report

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

වසන්ත සමරසිංහ ඇමති කැබිනට්ටුවෙන් දොට්ට..

වසන්ත සමරසිංහ ඇමති කැබිනට්ටුවෙන් දොට්ට..

වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හංවැල්ල පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. 

"බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දයක් ඇහුණා. ඒ සද්දෙට මම දොර ඇරගෙන ගියා. අපිට මුකුත් පේන්න බැරි වුණා. මල්ලි පුතාව බදාගෙන ඉන්නවා දැක්කා. ඊට පස්සේ ත්‍රීවිල් එකකින් ඉස්පිරිතාලෙට යැව්වා..."

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

"මම නිදාගෙන හිටියේ. ජනේලෙ ගාවින් අපේ ගෙදරට වෙඩි තියනවා වගේ ඇහුණා. වෙඩි හඬවල් තුනක් ඇහුණා. මම ඉක්මනට පුතාව අරන් ඇඳෙන් බිමට ආවා. පුතාව බිම නිදිකරවලා එයාව ආවරණය කරගත්තා. කෑ ගහන සද්දෙට ඇහැරුණා. එකපාරට නැගිට්ටේ නැහැ. පුතාව ආවරණය කරගෙන තාත්තාගේ කාමරේට දැම්මා. කෑ ගහන සද්දේ විතරයි අපිට ඇහුණේ."

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 14 : අද ඔබේ ලග්නයට සුභයම සුභ දවසක්

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 14 : අද ඔබේ ලග්නයට සුභයම සුභ දවසක්