පිරිවෙන් අධ්‍යාපනයටත් ආණ්ඩුව අත තියයිද? හාමුදුරුවරුන් අවදියෙන් ඉන්නයි දැනුම් දීමක්
මෙම ආණ්ඩුව තුළ පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලක් තිබූ බවත් මහනායක ස්වාමීන්වහන්සේලා පිරිවෙන් පනතට අත ගැසීමට අවසර දී නොමැති බවත් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කර ඇත.
දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව ලියවුණු චරිතාපදාන පොතක් එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක්වෙවෙමින් පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුවට අවසර දී ඇත්තේ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට පමණක් වන බවත්ය.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්, ''පිරිවෙන් පනතට පවා අත ගැසීමේ වැඩපිළිවෙලකට ගියා. මහනායක හාමුදුරුවරු අවසර දීලා නෑ පිරිවෙන් පනතට අතගහන්න.උන්වහන්සේලා පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න විතරයි ඉඩකඩ දීලා තිබුණේ. ඒ නිසා මං කරුණාකරලා කියන්නේ, හාමුදුරුවරු අවදියෙන් ඉන්න. බාධාවක්, සාසනයට අර්බුදයක් ඇතිවෙන දේවල් තියෙනවා නම්, ඒ දේවල් ගැන අපිට නිහඬව ඉන්න බෑ. ඒක විනාශ වුණොත් අපිට ආයේ මේක ගොඩගන්න තැනක් එන්නේ නෑ.''