ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වුවත් ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන්න බෑ.. දැඩි අර්බුදයක් ගැන ගුරු සංගම් කියයි

Report

 විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විසින් දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා පැවැති තරග විභාග ප්‍රතිඵල නිකුත් වුවද අධ්‍යාපන පද්ධතියේ ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරිමට රාජ්‍ය සේවා කොමිසම නිසි ලෙස සිය වගකීම ඉටු කර නොමැති බව සඳහන් කරයි.

මේ වන විට ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලද ලිඛිත විභාගය මත, පළමු අදියර යටතේ සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත්කර ඇත.

රටම බලා සිටි ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - ප්‍රතිඵල මෙන්න

රටම බලා සිටි ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - ප්‍රතිඵල මෙන්න

මෙම විභාගය ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරුප්පාඩු වෙනුවෙන් උපාධිධාරීන් 23,006 ක් ගුරු සේවයට බඳවා ගැනීමට අදාළව පැවැතුණා.

කෙසේ වුවද විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් සඳහන් කළේ මෙම බඳවා ගැනීම් සිදු කළ ද පවතින පුරප්පාඩු හිඟයට විසදුම් නොලැබෙන බවයි. 

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න