රිළවුන්ටත් වඳ සැත්කමක්?. - ලංකාවේ කරන්න යන දේ..

Sri Lanka
By krishani Sep 12, 2023 04:53 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ දිනෙන් දින උග්‍ර වන රිළා උවදුරට පිළියම් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සඳහන් කළේ ය.

මේ බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මාතලේ, ඕවිලිකන්ද - මකුලේමඩ ගොවි නියෝජිතයන් හමු වූ අවස්ථාවේ දී ය.

අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට රිළා උවදුර ලංකාව පුරාම ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් නිවෙස්වල බත් මුට්ටි පවා උස්සාගෙන යන බවත් ය.

එමෙන්ම භෝග වගාවන් ද විනාශ කර දමන බවත්, අදාළ උවදුර පිළිබඳ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ පශු සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කර මේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.


ReeCha