මෙහෙම යාලුවෝ නම් ඕනේ නෑ දෙවියනේ..උදව්වක් ඉල්ලපු හොඳම යාළුවාට කරපු අපරාධයක තරම..

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක් අතරතුර, මිතුරෙකුගේ බැංකු ගිණුමෙන් අවසරයකින් තොරව මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරු අනුව, ගල්නෑව, කත්තරගම ප්‍රදේශයේ පදිංචි සැකකරු, තම මිතුරාගේ බැංකු කාඩ්පතේ මුද්‍රිත තොරතුරු භාවිතා කරමින් විවිධ ගනුදෙනු සිදු කර ඇති බව හෙළි වී තිබේ.

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ පීඩාවට පත් පුද්ගලයා සතුව බැංකු පාස්පොත සහ ඒටීඑම් කාඩ්පත තිබියදීත් ඔහුගේ දැනුමකින් තොරව ගිණුමෙන් මුදල් ගනුදෙනු සිදු වී තිබීමයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පීඩාවට පත් පුද්ගලයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විමර්ශන නිලධාරීන්ගේ සොයා ගැනීම් අනුව, පැමිණිලිකරු සහ සැකකරු යන දෙදෙනාම කරඹෑව ප්‍රදේශයේ පිහිටි පොල් ලෙලි කපා වේලන ස්ථානයක එකට සේවය කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත්ම වෙනස..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අලුත්ම වෙනස..

පැමිණිලිකරුට බැංකු යන්ත්‍ර භාවිතයෙන් මුදල් තැන්පත් කිරීම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොතිබූ බැවින් ඔහු සිය මිතුරාගේ (සැකකරුගේ) සහාය ඒ සඳහා ලබාගෙන තිබේ.

අධිකරණ නියෝග මත සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ මුදල් ගනුදෙනු ATM යන්ත්‍රයක් හරහා සිදු කර ඇති බවත්, මෙවැනි ගනුදෙනු සඳහා බැංකු කාඩ්පතේ මුරපදය අවශ්‍ය නොවන බවත්ය.

මෙය අපරාධකරු සැලසුම් සහගතව සිදු කර ඇති වංචාවක් බව පරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙයි.

පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරන ලද වැඩිදුර පරීක්ෂණවලදී, මුදල් ගනුදෙනු සිදු කර ඇති අලෙවිසැල් සහ මත්පැන් අලෙවිසැල්වල ආරක්ෂක කැමරා පටිගත කිරීම් පරීක්ෂා කිරීමෙන් සැකකරු විසින් මෙම ගනුදෙනු සිදු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වී තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පිළිගෙන ඇත්තේ තම මිතුරාගේ බැංකු ගිණුමේ මුදල් භාවිතා කරමින් ආහාරපාන සහ මත්පැන් මිලදී ගැනීම සඳහා ගනුදෙනු සිදු කළ බවයි.

අනේද කියන්නේ ඉතින් බලන්නකෝ නීතිය රකින්න ඉන්න මහත්තුරුන්ට වෙලා තියන වැඩේ..

අනේද කියන්නේ ඉතින් බලන්නකෝ නීතිය රකින්න ඉන්න මහත්තුරුන්ට වෙලා තියන වැඩේ..

මෙම අවසර රහිත ගනුදෙනු හරහා රුපියල් 56,396ක මුදලක් වංචා කර ඇති බව තහවුරු වී තිබේ.

මෙම ක්‍රියාව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 366, 386, 388 වගන්ති සහ 398 වගන්තිය මගින් විග්‍රහ කර ඇති 400 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ අනුව සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උතුරු මැද පළාත් උප ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දීර්ඝ කාලීන විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පොලිසිය පුරවැසියන්ට උපදෙස් ලබා දෙන්නේ තම බැංකු කාඩ්පත් තොරතුරු කිසිවිටෙකත් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු නොකරන ලෙසත්, බැංකු ගනුදෙනු සඳහා විශ්වාසවන්ත ආයතන හෝ බැංකු සේවකයින්ගේ සහාය පමණක් ලබා ගන්නා ලෙසත්ය.

තවද, තම බැංකු ගිණුම්වල අසාමාන්‍ය ගනුදෙනු සිදු වන බව දැනගත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද පොලිසිය වැඩිදුරටත් උපදෙස් ලබා දෙයි.

You may like this video