ව්‍යාජ ලේඛනෙන් මුදල් වංචා කළ සැකකරු අත්අඩංගුවට
ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිත කරමින් මූල්‍ය වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (25) රාත්‍රියේ යක්කල පොලිස් වසමේ බැලුම්මහර ප්‍රදේශයේදී සිදු කර ඇති අතර, ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක කළ වැටලීමකදී සැකකරු අල්ලා ගත් බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
තවද, විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට වංචනික ලෙස පොරොන්දු දී මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුවක් අනුව මෙම පුද්ගලයා සෙවමින් සිටි බව පොලීසිය විසින් අනාවරණය කර ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන යක්කල පොලීසිය විසින් සිදු කරමින් පවතී.