පෙමේ ඛෙදවාචකය - හෝටලයකදී ගහලා ලක්ෂ 60ක් ගත්තැයි සාරංගි සංගීතාගෙන් පොලිස් පැමිණිල්ලක්
කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී තම පෙම්වතා විසින් තමාට පහරදීම්, මරණ තර්ජන සහ බලහත්කාරයෙන් මුදල් ලබාගැනීම සිදුකළ බවට චෝදනා කරමින් නැගී එන නිරූපිකාවක් වන සාරංගි සංගීතා විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පැමිණිල්ල මත පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නිරූපිකාවගේ ප්‍රකාශයට අනුව, පසුගිය දෙසැම්බර් 12 වැනිදා තම පෙම්වතා සමඟ එම හෝටලයට ගොස් ඇති අතර, කාමරය තුළදී ඔහු ඇයට මරණ තර්ජන කර තිබේ. ඉන්පසු ඇගේ ජංගම දුරකථනය පැහැරගෙන, ඇගේ බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 6ක් බලහත්කාරයෙන් ඔහුගේ ගිණුමට මාරු කර ගත් බව ඇය පවසයි.
පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වන්නේ, සැකකරු ඇයට පහරදීම් සිදුකර, මරණ තර්ජන කරමින් නීතිවිරෝධී ලෙස හෝටල් කාමරය තුළ සිරකර තබා පරිශ්‍රයෙන් පිටව ගිය බවයි. සිදුවීමෙන් පසු ඇයට ඇති වූ තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උත්සාහ කළ බවත්, ඉන්පසුව පොලිසියට පැමිණිලි කළ බවත් නිරූපිකාව පොලිසියට දැනුම් දී ඇත.
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී. සැකකරුගේ අනන්‍යතාව සහ ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.