දුරකථන පාවිච්චි කරන දරුවන් ගේ දෙමාපියන්ට විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Smart Phones
By Aruna Sep 20, 2022 05:33 AM GMT
Aruna

Aruna

Report

අම්මාගේ ගිණුමෙන් ලක්ෂ ගණන් මුදල් ඇදපු සිසුවා අන්තර්ජාල ක්‍රීඩාවලට තදින් ඇබ්බැහි වූ රක්වාන ප්‍රදේශයේ පහළොස් හැවිරිදි සිසුවකු මවගේ බැංකු ⁣ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක මුදලක් වංචනිකව වැයකර අන්තර්ජාල ක්‍රීඩාවල නිරත ව ඇතැයි අනාවරණය වෙයි.

මෙම සිසුවා රක්වාන ප්‍රදේශයේ පාසලකින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව රත්නපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හදාරයි.

ඒ අතරතුර පසුගිය දිනවලදී අන්තර්ජාල (Online) මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීම සඳහා දෙමාපියන් විසින් ඔහුට ජංගම දුරකථනයක් ලබා දී ඇත.

පසුව ඔහු එයින් අන්තර්ජාල ක්‍රීඩාවලට හුරුවී තිබේ. මෙම සිසුවාගේ මව රජයේ කාර්යාලයක සේවය කරන අතර, පියා ව්‍යාපාරිකයෙකි.

මේ අතර මවගේ නමින් එක්තරා බැංකුවක තිබූ ගිණුමට අදාළව මව විසින් සිය පුතුගේ ජංගම දුරකථනයේ අංකය ලබාදී තිබේ.

එදින සිට ඇයගේ බැංකු ගිණුමේ සියලු දත්ත පුතාගේ දුරකතනයට ලැබී ඇත.

මේ අතර අන්තර්ජාල ක්‍රීඩාවේ නිරත සිසුවා මවගේ ජංගම ගිණුම උපයෝගි කරගෙන ටික කලක් ⁣එලෙස අන්තර්ජාල ක්‍රීඩාවේ නිරතව සිට ඇත.

මේ කිසිවක් නොදත් මව පසුගිය දිනක බැංකුවට ගොස් ඇත්තේ මුදල් ලබාගැනීමටය.

සිය ගිණුමෙන් රුපියල් දෙලක්ෂ අසුදහසක් අඩු බව එහිදී දැනගත් මව ඒ පිළිබඳ බැංකුවට පැමිණිලි කර තිබේ.

පසුව බැංකුව විසින් එම ගිණුම සියුම්ව නිරීක්ෂණය කිරීමේදි දරුවා විසින් මවගේ බැංකු ගිණුමේ මුදල් උපයෝගි කරගෙන අන්තර්ජාල ක්‍රීඩාවේ නිරත වී ඇති බව තහවුරු වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now