මෙරට MITSUBISHI වාහන හිමියන්ට සුබ පණිවිඩයක්.

By krishani Feb 11, 2023 04:26 AM GMT
Report

ජපානයේ මිට්සුබිෂී සමාගම ලංකාවේ මෙහෙයුම් කටයුතු නතර කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මිට්සුබිෂී සමාගමේ කොළඹ කාර්යාලය එළඹෙන මාර්තු 31 වනදා වසා දැමීමට තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් යුනයිටඩ් මෝටර්ස් ආයතනය පවසන්නේ ජපානයේ මිටිසුබිෂී සමාගම සහ තම සමාගම අතර පවතින රථවාහන ගනුදෙනු අඛණ්ඩව සිදුකරගෙන යන බව ය.

ඒ අනුව මිට්සුබිෂී රථ වාහන සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයින් හට පෙර පරිදි සිය සමාගම සමග කටයුතු කරගෙන යාහැකි බව යුනයිටඩ් මෝටර්ස් ආයතනය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join