අතුරුදන් ව හමු වූ දරුවන් දෙදෙනා නිවසට යෑම ප්‍රතික්ෂේප කළ ඇඟ කිළි පොළා යන හේතුව මෙන්න

By Sithumi Jan 06, 2022 04:57 PM GMT
Sithumi

Sithumi

Report

තමන් නිවසින් පළාගියේ මව ඇතුළු නිවැසියන් පහරදීම නිසා බව අතුරුදන්ව සිට මීරිගම නගරයේ රැදී සිටියදී සොයා ගනු ලැබූ කොටදෙණියාව - වත්තේමුල්ල, බඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනා පාපොච්චාරණය කර තිබෙනවා. 

තම බාල සොහොයුරා රැක බලා නොගැනීම හේතුවෙන් මව මෙලෙස පහරදෙන බවයි එම දරුවන් පොලීසියට සඳහන් කර ඇත්තේ. ඇතැම් අවස්ථාවලදී පවුලේ ඥාතීන් මෙම දරුවන්ගේ පාසල් ගමනට ද බාධා එල්ල කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. 

අවුරුදු 10 සහ 12 යන වයස්වල පසුවන මෙම දරුවන් අතුරුදන්වී දින 43 කට පසු අද සොයා ගනු ලැබුවේ මීරිගම නගරයේ වෙළඳසැලක හිමිකාරිනියක් මොවුන් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි. 

ආහාරයට යමක් ඉල්ලා මොවුන් ඊයේ මෙම වෙළඳසැලට පැමිණ ඇති අතර, පසුව වෙළඳසැල හිමි කාන්තාව, දරුවන්ට රාත්‍රියේ කාලයේ සිය නිවසේ ගත කිරීමට අවස්ථාව සලසා දීමෙන් පසු අද උදෑසන මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

දරුවන් දින ගණනාවක් මීගමුව ප්‍රදේශයේ රන් ආභරණ අලෙවිසැලක සිටි බවට සිදු කළ ප්‍රශ්න කිරිම් වලදි අනාවරණය වී තිබෙනවා. පසුව මෙම දරුවන් දෙදෙනා මීරිගම නගරයට බස් රථයකින් පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ දරුවන් දෙදෙනා සොයා ගැනීමෙන් පසු මීරිගම පොලිසියට රැගෙන එනු ලැබුවා.

එහිදී මෙම දරුවන් තවදුරටත් සඳහන් කළේ තමන්ව ඊයේ රාත්‍රියේ රඳවා ගෙන සිටි කාන්තාව සමඟ රැදි සිටිමට කැමති බවයි. කෙසේ වෙතත්, ළමයින් දෙදෙනා මෙපමණ කාලයක් රැදී සිටි ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ආවරණය කර ගැනිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සහ කොටදෙණියාව පොලීසීය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ

. මේ වනවිට දරුවන් දින හතලිහක් පුරාවට රැදී සිටි මීගමුව රන් ආභරණ අලෙවිසැල පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් එහි ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now