පැහැර ගැනීමට පැමිණි තරුණයාට බාල වයස්කාර දැරිය ලබාදී,බලහත්කාරයෙන් පොලීසිය තුළ දීම ගර්භනී පරීක්ෂණ පැවැත්වූ ඉහළ තලයේ පොලිස් නිලධාරීන් - දකුණෙන් ඇහෙන ඇඟ කිලිපොලා යන කතාව..(AUDIO)
වයස අවුරුදු 15ක ගැහැණු ළමයෙකුව මවගේ භාරයෙන් පැහැරගෙන යාමට උත්සාහ කල ප්‍රේමවන්තයා සමග මාතර රෝහල ඉදිරිපස වූ යම් සිදුවීමක් සමතයකට පත් කරලීමට මාතර පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශයට ගොස් සිටි අවස්ථාවකදී එම අංශය තුළ සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිළධාරියෙක් විසින් මෙම මවගේ දැඩි විරෝධය මත ගැහැණු ළමයාව ඇයගේ පෙම්වතා සමග පිට කර යැවා ඇති බව වාර්තා වේ.
මාතර පොලිස් ස්ථානාධිපති තුමන්ට දැන්වූ වහාම ක්‍රියාත්මක වීම පිළිබඳව ස්තූතිවන්ත වන්නෙමු. එම මව සහ පවුලේ අයට අනූව :- මව විසින් සිය පුත්‍රයාට වහාම මාතර පොලීසියට එන ලෙස දැන්වීමෙන් අනතුරුව එහි පැමිණි 20 හැවිරිදි තරුණයා මව විසින් පෙන්වූ අදාළ පොලිස් නිළධාරියාගෙන් සිය නැගණිය පිළිබඳව විස්තර විමසූ විට එම ගැහැණු ළමයා පෙම්වතා සමගින් පිටව ගිය බවත් පහුවදා දෙදෙනා විවාහ වන බවත් පවසා පවුලේ අයටද විවාහයට සහභාගි වන ලෙසත් කියා ඇත.
මෙම තරුණයා අදාළ නිළධාරියාට සිය අප්‍රසාදය පල කරමින් එම නිළධාරියාගේ නම විමසීමේදී නම නොකියා තරුණයාව අත් අඩංගුවට ගන්නා බවට තර්ජනය කර ඇත . මෙම ගැහැණු ළමයාගේ බඩ පෙදෙසේ යම් පිළිස්සිම් තුවාල කැළල් ඇති අතර ඒවා සිදු කරනු ලැබුවේ මෙම 20 හැවිරිදි තරුණයා බවට තමුන්ට මෙම ගැහැණු ළමයා විසින් ප්‍රකාශ ලබා දී ඇති බවත් මේ මත මෙකී තරුණයාව බන්ධනාගාරගත කරවනා- බවටත් කියමින් මෙම (තට්ටය සහිත මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශයේ) නිළධාරියා තරුණයාට (ගැහැණු ළමයාගේ 20 හැවිරිදි වැඩිමහල් සොයුරාට ) තර්ජනය කර ඇත .
මෙම වයස අවුරුදු 15 ගැහැණු ළමයා කියනා පරිදි සිදුවීමට අදාලව මාතර පොලීසිය හා සම්බන්ධවූ දින කිහිපය තුළ මාතර පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශයේදී :-
* සිවිල් ඇඳුමෙන් සිටි තට්ටය සහිත නිළධාරියා ඇයගේ මවව ඉඳුවා තබා ඇයව තරුණැයා සමග පිට කර යැවූ බවත් (නිරෝෂනි මිසුයි SI සරුයි කිව්වා එහෙනම් දැන් ගිහිල්ලා රෙජිස්ටර් කරගෙන අනිද්දාට ඇවිල්ලා අපිට රෙජිස්ටර් එක පෙන්නන්න කිව්වා. මගේ අම්මාව බලෙන් නවත්තා ගත්තා. අම්මාව බලෙන් පුටුවක වාඩි කරවලා තිබ්බා එයාලා. මට යන්න කිව්වා - මම කොල්ලත් එක්ක ගියා . ඉහත කී නිළධාරියා ඇයගේ කුස මත වන පිළිස්සුම් කැළලි ඇයගේ 20 හැවිරිදි සහෝදරයා විසින් කරන ලදැයි පිළිගෙන අත්සන් කරන ලෙසට බලපෑම් කළ අතර ඇය කිහිප විටක්ම මෙම පිළිස්සුම් කරන ලද්දේ ඇයගේ බාප්පා විසින් බව පැවසුවද සටහන් තැබුවේ ඇයගේ සහෝදරයා එසේ කළා කියායැයි බවත්
* මාව පිච්චුවා කියලා මම කිව්වේ බාප්පා, එයා වරද්ද දැම්මෙ පොඩි අයියාට . සර්ට පොඩි අයිය එක්ක තරහක් තියෙනවා , මගෙ අයියාව ඇතුලට දාන්න ඕනෙ කියලා තමයි අයියාට වැරැද්ද දැම්මෙ. අයියා පිච්චුවා කියලා තමයි මගෙන් අත්සන ගත්තේ. මාතර පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශය තුළදී ඇය ගර්භනීදැයි බැලීමට පරීක්ෂණයක් කල බව
* SI සර් තමයි කිව්වෙ කරන්නයි කියලා, “confirm කරගමු , කරන්න”යි කියලා. රේණුකා මිස් තමයි TEST කරේ බැලුවේ ඔක්කොම. රේණුකා මිස් පොඩි කොළයක අර කොල්ලාගෙ අම්මාට ලියලා දුන්නා මේ ටික අරන් එන්න කියලා. ඊට පස්සේ අර කොල්ලාගෙ අම්මා ෆාමසියට ගිහිං අරං ආවා. අරං ආවාට පස්සේ මාව උදයංගනී මිස් වොෂ් රූම් එක්කන් ගියා . පස්සේ මගේ urine එක අරගෙන අර pregnancy test කරන කාඩ් එක කඩලා ඒක URINE ඇතුලට දාලා ටික වෙලාවක් බලන් හිටියා. ඊට පස්සේ රේණුකා මිස් ඒක බලලා කිව්වා. ”පොසිටිව්“ කියලා. ඒක පොසිටිව් කියලා හැමෝගෙම ඉස්සරහා කිවා.
* නිරෝෂනි මිස් ඒ වෙලාවෙ එයා මොකක්දෝ වැඩකට එළියට ගියා. එයාගෙ වැඩකට. නිරෝෂණි මිස් දන්නවා. නිරෝෂණි මිසුත් ඕක දන්නවා. නිරෝෂණි මිස් එළියට ගිහිල්ලා ආවාට පස්සේ රේණුකා මිස් කිව්වා මෙයාට පොසිටිව් කියලා.
* එයාලා කිව්වා “ඕක එලියට කියන්න එපා- ඒක නීති විරෝධි වැඩක් “ කියලා. එයාලාට ඒක කරන්න බෑ කියලා. එයාලා ඊට පස්සේ test කරලා එයාලා confirm කරලා මාව මාතර hospital එකට ආපහු යැව්වා.
*උසාවි ඉවර වෙලා එලියට යන්න හදනකොට ඒ කොල්ලාට ලැහැස්ති වෙලා ඉන්න කිවුවා මාව එක්කන් යන්න , මගේ අයියලා දෙන්නාවයි අම්මාවයි කට උත්තරයක් ගන්න එයාලා අඬ ගහ ගන්නවා කිව්වා , ඒ වෙලාව ඇතුලේ මට කොල්ලත් එක්ක යන්න කිව්වා එයාලා. අපිත් හරි කිව්වා "
කීමට ලිවීමට බොහෝ දේ වෙතත් අපි නිහඩවෙමූ. වැටත් නියරත් ගොයම් කත්නම්???? මෙම ගැහැණු ලමයා හා ඇයගේ නැගණිය (14) දෙදෙනාම කියා සිටින්නෙ බාප්පා (පුංචිගෙ ස්වාමියා ) විසින් 15 දැරියව අවු 8 සිට අවු 13 තෙක් කෙළෙසූ බවත් , ඇයව කෙලෙසන විට ගත් වීඩියෝවක් සිහිකරවමින් බාප්පාගෙ අවශ්‍යතා ඉටු කර නොදුන්නොත් මුහුණු පොතට එක් කරන බව කියමින් තර්ජනය කරන බවත් ය.
මේ මෑත කාලයේත් මේ තැනත්තා 15 හැවිරිදි දැරියට දුරකථන ඇමතුම් දී ඔහු වෙතට එන ලෙසට ඉල්ලා බලපෑම් කරන බව ඇය කියා සිටී. බාල දැරිවියගේ ශරීරයද ඔහු විසින් කිහිප විටක්ම අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බවත් කෑගසා ඇය බේරුණු බවත් බාල දියණිය (14) කියයි.
අහිංසක දැරිවියකට වසර ගණනක් තිස්සේ ලිංගික අපයෝජනය කළ , ඇයව පුළුස්සා වද දුන් , තවමත් දුරකථන ඇමතුම් දෙමින් අවු 15 ළමයාව බිය වද්දවමින් මානසික වද පමුණුවන , වයස අවු 14 ගැහැණු ළමයාව අපයෝජනය (ඇග පසග මිරිකා දූෂණය කිරීමට උත්සාහ කළ ) ඒ නරුමයාව නීතිය ඉදිරියට ගෙනෙනවා වෙනුවට ,
ඒ නරුම පුද්ගලයාගේ නිවසේ වසන ඔහුගේ කුඩා ගැහැණු ළමයින් ඒ අපායෙන් බේරා ජීවිතය ලබා දෙනු වෙනුවට ද්වේශයෙන් පිම්බී වයස අවු 20 තරුණයාව බන්ධනාගාර ගත කරවීමට සැරසෙන මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්‍යංශයේ ස්ථානාධිපතනිය කා.පො.ප. නිරෝෂිණි හේවාපතිරණ සහ උ.පො.ප. වරයා ඇතුළු කණ්ඩායමේ අපූරු වැඩ පිළිවෙල නිසි පරීක්ෂණයට භාජනය කිරීම ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නි.පො.පති රේණුකා ජයසුන්දර සහ අධ්‍යක්ෂිකා කා. ජේ. පො.අධිකාරි දර්ශිකා රණසිංහ මැතිණියන්ට...
හේවාපතිරණ සහ උ.පො.ප. වරයා ඇතුළු කණ්ඩායමේ අපූරු වැඩ පිළිවෙල නිසි පරීක්ෂණයට භාජනය කිරීම ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නි.පො.පති රේණුකා ජයසුන්දර සහ අධ්‍යක්ෂිකා කා. ජේ. පො.අධිකාරි දර්ශිකා රණසිංහ මැතිණියන්ට ...... ශ්‍රී ලංකා පොලීසියට ගෙන ආ අපකීර්තිය පිළිබදව වහාම කටයුතු කිරීමට ගරු පොලිස්පති තුමන්ට .....
අහිංසක ළමයින්ට වැරදි කිරීමට උදව් දුන් , වැදූ මවට පිටුපා තරුණයෙකු හා පලා යෑමට උදවු දුන්, බොරු කීමට , බොරු ගෙතීමට උල්පන්දම් දුන් රාජ්‍ය නිළධාරීන් (මාතර පොලීසියේ ඉහත නිළධාරින් ) පිළිබදව කටයුතු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ......
පොලීසියේ අපරාධ (crimes) වැලැක්වීමේ මුල් පුටුවේ ,එසේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක තනතුරේ පොලීසිය නියෝජනය කරනා ජේ.නි.පො.ප. අජිත් රෝහණ මහතා ...ඔබේ විශේෂ අවධානයට .....
කෙසේ වෙතත් මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය තුළ ප්‍රසූව හා නාරිවේද කටයුතු / POLICE PREGNANCY TEST සිදු කිරීම ගරු පොලිස්පති තුමන්ගේ දැඩ් අවධානයට යොමු විය යුතු කරුණකි.
පොලීසිය භාර රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇමතිතුමන්ගේ උතුම් ප්‍රාර්ථනාව - රටේ දරුවන් හා කාන්තාවන්ට ආරක්ෂිත වටපිටාවක් ලබාදීමට කටයුතු කිරීමට නව නි.පො.පතිනියන්ට හැකි වේවා
- අපේද ගෞරවනීය ඉල්ලීම සහ පැතුමයි. අපි ඔබව විශ්වාස කරන්නෙමු. ළමයින් වෙනුවෙන් ඔක්තෝබරයේ පමණක් නොව, හැමදා , හැම විට නැගී සිටිමු.
UNITED HUMAN RIGHTS ORGANIZATION
එක්සත් මානව හිමිකම් සන්විධානය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |