අනුරාධපුර දැරිය දූෂණය කළ සිද්ධියට දඹුල්ල ආර්ථිකයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
අනුරාධපුර ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි ව්‍යාපාරිකයෙකු ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය විසින් අධිකරණ වෛද්‍යවරයා හමුවේ ලබා දුන් ප්‍රකාශයකට අනුව, ඇයව දෙවනුව දූෂණය කළ පුද්ගලයා මොහු බවට හඳුනාගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව දැරිය සිදුකළ අනාවරණයට අනුව, ඇයව පිළිවෙළින් පුද්ගලයන් තිදෙනෙකු විසින් දූෂණය කර තිබේ.
ඒ අනුව දැනට දෙවන සහ තෙවන සැකකරුවන් (ව්‍යාපාරිකයා සහ පෙම්වතා වන කොන්දොස්තරවරයා) අත්අඩංගුවට ගෙන ඇති නමුත්, පළමු සැකකරු ලෙස නම් කර ඇති විහාරාධිපති හිමිනම මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.