මේ පැති වලට ගංවතුර තත්ත්වයක් - ජනතාව වහාම දැනුවත් වෙන්න - හෙට රාත්‍රී 7.30 දක්වා අවදානමක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ හා මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මාරාන්තික රෝගයක් ලංකාවේ හිස ඔසවයි - දැනටම මරණ 23ක් රෝගීන් 40,443 ක් - ජනතාව අවදානමක බව සෞඛ්‍ය අංශ හෙළිකරයි

මාරාන්තික රෝගයක් ලංකාවේ හිස ඔසවයි - දැනටම මරණ 23ක් රෝගීන් 40,443 ක් - ජනතාව අවදානමක බව සෞඛ්‍ය අංශ හෙළිකරයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ දැනට ලැබී ඇති වර්ෂාපතන දත්ත සහ පවතින වර්ෂා රටාව සැලකිල්ලට ගත් විට ඉදිරි පැය කිහිපය තුළ ගංගා ජල මට්ටම්වල සැලකිය යුතු හෝ ශීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බවයි.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පස්වරු 07.30 දක්වා වලංගුවේ.  

අස්වැසුම හා වැඩිහිටි දීමනා ගැන දැනුම්දීමක් - ආයේ සල්ලි ලැබෙන්නේ ක්‍රම දෙකකට - සල්ලි ලැබෙන දිනය මෙන්න

අස්වැසුම හා වැඩිහිටි දීමනා ගැන දැනුම්දීමක් - ආයේ සල්ලි ලැබෙන්නේ ක්‍රම දෙකකට - සල්ලි ලැබෙන දිනය මෙන්න