තවත් අමාත්‍යවරයෙකුගේ නිවස අසලට විරෝධතාකරුවන් රැස්වෙයි..!.
By Sewvandhi
පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකරන දෙන ලෙස සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව අද (24) මිනුවන්ගොඩ, උඩුගම්පොළ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිඳුන්ගේ දේවස්ථානයේ සිට පාගමනක් සහ රථ පෙළපාලියක් ආරම්භ කරයි.
එහිදී විරෝධතාකරුවන් මිනුවන්ගොඩ නගරය වෙත පැමිණි පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට සිට සිය විරෝධය පළ කරයි.
ආණ්ඩුවට එරෙහිව ඊයේ (23) පස්වරුවේ සහ අදත් දිවයිනපුරා විරෝධතා පැවැත්වුණි.
ආර්ථික ගැටලුවලට විසඳුම් ඉල්ලමින් වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් ඊයේ සිය වෙළෙඳසැල් වසා ආණ්ඩුවට විරෝධය පළ කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |