විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක්.
Ministry of Education
Sri Lanka
Department of Examinations Sri Lanka
Education
By krishani
විදුහල්පති සේවයේ තුන්වන පන්තියට බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා 500කට අධික සංඛ්‍යාවකට සහභාගීවීමට නොහැකි වී තිබෙනවා.
ඒ සාමාන්‍ය පෙළ විභාග රාජකාරීවලට සහභාගී වීම හේතුවෙන් ය.
විදුහල්පති තනතුරට 4,700 දෙනෙකු බඳවාගැනීමට අදාළව එම සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලැබු අතර සුදුස්සන් 6,000කට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබිණ.
කෙසේවෙතත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් සඳහන් කළේ, විභාග රාජකාරී හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකිවූවන්ට මේ මස 10 වැනිදා පෙරවරු 10ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |