අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්.

Ministry of Education Sri Lanka
By krishani Jun 02, 2023 08:58 AM GMT
krishani

krishani

Report

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන් වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුවරුන් සහ 2021 දෙසැම්බර් 31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ පිරිස එළඹෙන 12 වන දින වනවිට සේවා ස්ථානයට වාර්තා කළ යුතු බවයි.

ඒ අනුව යම් ගුරුවරයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මඟින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකිය.

එමෙන්ම ඒ සම්බන්ධව අමාත්‍යාංශයේ ගුරු මාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත් අභියාචනයට යොමු කළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණය කඩිනමින් දැනුම් දෙනු ලබන බවත් සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join