අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේ තීරණයක් ගනී..පාසල් කාලය දිර්ඝ කරයි..

Sri Lanka School Ministry of education
By Aruna Apr 05, 2022 02:46 AM GMT
Aruna

Aruna

Report

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ‍

ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මෙම වසරට ( 2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම්, තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස පහළොස් වැනිදා ද උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වැනිදා සිට ද පැවැත්වීමට අමාත්‍යාංශය දැනට සැලසුම් කර තිබෙන අතර මෙම වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ ජනවාරි මස පළමු සතියේ දී පැවැත්වීමට නියමිත ය.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 23 වැනිදා ආරම්භ කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha