පොහොර සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්..
By krishani
ලෝක බැංකු ණය යටතේ මෙට්‍රික් ටොන් 22,000ක යුරියා පොහොර තොගයක් රැගත් තවත් නෞකාවක් අනිද්දා(14) දින කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2022/23 මහ කන්නයේ වී සහ බඩඉරිඟු වගා සඳහා යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 105ක ණය මුදලක් අනුමත කළේ ය.
එම ණය මුදල් යටතේ ලැබෙන දෙවන යුරියා පොහොර තොගය වශයෙනුයි මෙම තොගය දිවයිනට ගෙන එන්නේ.