නිවාඩුව ගත කරන්න මැති ඇමතිවරු රැසක් රටෙන් පිටව යයි..තවත් පිරිසක් නුවරඑළියේ..
By Sewvandhi
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු 60 කට ආසන්න පිරිසක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගත වීමට කටයුතු සූදානම් කරමින් සිටී.
ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ පිරිස් ද මෙම මෙම කණ්ඩායමේ සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටී.
ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල ජීවත්වන සහ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ දූ දරුවන් ඥාතීන් දැක බලා ගැනීමට මෙම නිවාඩු කාලයේදී ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි.
මේ අතර තවත් මැති ඇමතිවරුන් පිරිසක් නුවරඑළියේ සංචාරක බංගලා වෙන්කර ගෙන ඇත්තේ වර්ෂ අවසාන නිවාඩු එහි ගත කිරීම සඳහාය.
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා ජනවාරි 18 දක්වා දීර්ඝ නිවාඩුවක් මැතිඇමතිවරුන්ට ලැබී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |