තවත් ඇමතිවරු 40ක් දිවුරන්න යයි..වැඩේ වෙන්නෙ මෙහෙමලු..
කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබානවා.
එම ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස් වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ස්වාධීන වූ කණ්ඩායමෙන් ද මන්ත්‍රීවරුන් එක් වනු ඇතැයිද දැනගන්නට ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම විෂයන්, විෂය පථයන් ගැසට් කිරීමත් ඒ සඳහා වෙනම ලේකම්වරුන් පත් කිරීමටත් නියමිත ව ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |