ප්‍රධාන ඇමති ධූරයක් දරමින් කෝටි දාහක දේපොළ රැස් කරපු හිටපු ඇමැතිට නඩු - මෙන්න විස්තරයි
අල්ලස් කොමිසම මගින් අයථා ලෙස රුපියල් කෝටි 1000 කට අධික වටිනාකමක් ඇති දේපොළ රැස්කර තිබෙන හිටපු ඇමැතිවරයෙකුට එරෙහිව ළඟදීම නඩු පැවරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කරන ආකාරයට,ඒ අනුව වසර 25 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස සහ වසර 15 කට අධික කාලයක් ප්‍රධාන පෙළේ ඇමැති ධුර කිහිපයක කටයුතු කර තිබෙන මෙම පුද්ගලයාට එරෙහිව කොළඹ මහඅධිකරණය හමුවේ නඩු පැවරීමේ ක්‍රියාවලිය අල්ලස් කොමිසමේ නීති අංශය මගින් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන්.
එමෙනම අලෙවි විමර්ශන වාර්තාවකට අනුව, හිටපු ඇමැතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් ඇතුළු විශාල පිරිසක බැංකු ගිණුම් පරීක්ෂා කර ඇත.එහිදී රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු වීම සහ තවත් බැංකු සහ මූල්‍ය ආයතනවල රුපියල් කෝටි ගණනක මුදල් ආයෝජනය කර තිබීම අනාවරණය විය.
විමර්ශන කටයුතු අතරතුර හිටපු ඇමැතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් සුඛෝපභෝගී නිවාස, වාහන, ව්‍යාපාරික ගොඩනැගිලි සහ ඉතා වටිනා ඉඩම් රැසක් ගෙන තිබේ.
මෙම සියලු දේපොළවල වටිනාකම ගණනය කිරීමේදී රුපියල් කෝටි 1000 ඉක්මවා ඇති බවට අල්ලස් කොමිසම තහවුරු කරයි. ඒ අනුව, හිටපු ඇමැතිවරයාට ඉදිරියේ දී නඩු පැවරීම නියමිත බව අල්ලස් කොමිසමේ පෙර නිලධාරියා තවදුරටත් පැවසීය.