පසුගිය වසර 2 තුළ පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව ගැන ඇමති නලින්ගෙන් පාර්ලිමේන්තුව පුදුම කරමින් අනාවරණයක්

Report

2024 සහ 2025 යන වර්ෂවල සිසුන් දහසකට අධික පිරිසක් අතරමග පාසල් හැරගොස් තිබෙන බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා ප්‍රකාශ කර තිබේ.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද දින පාර්ලිමේන්තුවේදී දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පල කර සිටි‍යේය.

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

"හඳුනාගෙන ඇති පාසල් නොයන ළමුන් සංඛ්‍යාව 2024 දී 711ක්, 2025 දී 885ක්. පාසලට ඇතුළත් කරන ලද ළමයින් සංඛ්‍යාව ගැහැණු දරුවන් 280ක්, පිරිමි දරුවන් 290ක්. 2025 හි ගැහැණු දරුවන් 384ක්, පිරිමි දරුවන් 393ක්. අධ්‍යාපන අවස්ථාවලට යොමු කර නොවූ සංඛ්‍යාව ගැහැණු දරුවන් 10ක්, 2024 හි පිරිමි දරුවන් 18ක්. 2025 හි ගැහැණු දරුවන් 11ක් සහ පිරිමි දරුවන් 23ක්. පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව 2024 දී 597ක්, 2025 දී 301ක්. නැවත පාසල් ගත කරන ලද ළමයින් සංඛ්‍යාව 2024 දී 309ක්, 2025 හි 210ක්. පාසල් ඇතුළත් නොකරන ලද ළමයින් සංඛ්‍යාව 2024 දී 47ක්, 2025 හි 91ක්."