ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ සොහොයුරු මරුට - හේතුව මෙන්න
By Mithu
මහජන ආරක්ෂක අමාත්‍ය අන්නද විජේපාල මහතාගේ සොහොයුරා පාදෙණිය–අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවල අද (14) සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇති බව ගල්ගමුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි කේ.එස් එම්. පියසේන දිසානායක මහතා වන අතර, ඔහු බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගී වූ අතර, යතුරුපැදියෙන් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන් වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ , මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ඔහු ගැටීමෙනි.පසුව දරුණු තත්ත්වයේ පසු වූ ඔහු මිය ගොස් ඇත.