රට පුරා ආගමික ස්ථාන රැසක ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..
ප්රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාවට බව කියමින් එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත ලබාගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.
එම හමුදා භට පිරිස් වෙනුවට ප්රජා පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.
ප්රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අතුගෑමට, ආහාර පිසීමට මෙන්ම රියැදුරන් වශයෙන්ද යොදාගෙන ඇත්තේ හමුදා භට කණ්ඩායම් බවයි හෙළිව තිබෙන්නේ.
ඇතැම් විහාරස්ථානවල විස්සකට වැඩි භට කණ්ඩායම් පවා සිටින බව අනාවරණය වනවා.
වැඩිපුරම යොදවා ඇත්තේ යුද හා නාවික භට පිරිස් වන අතර, හමුදා අනුග්රහය වැඩිපුර ලැබෙන, වැඩිපුර භට පිරිස් සිටින විහාරස්ථාන එය තමන් ඉහළ තත්ත්වයක සිටින බව පෙන්වීමට යොදාගෙන ඇති බවද හෙළිවී තිබෙන බවයි පැවසෙන්නේ.
දැනට යොදවා සිටින භට පිරිස් ගැන වාර්තා කැඳවා එම භට පිරිස් යළි කඳවුරු වෙත කැඳවීමට දැනට තීරණය කර ඇති බව වාර්තා වේ.