කොවිඩ් එන්නත ගැන ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් විශේෂ පණිවිඩයක්

covid19 vaccination twitter jayawardhanapura university chandima jeewanandha
By Sewvandhi Aug 02, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

අවිනිශ්චිතතාවක් තිබුණ ද කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස ඔහු සිය ට්විටර් පණිවිඩය මගින් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ඔහු ඉන් අවධාරණය කර ඇත්තේ කොවිඩ්-19 රෝගය භයානක රෝගයක් බවය.

"අවිනිශ්චිතතාවක් ඇති බව මම දනිමි. නමුත් මෙම රෝගය භයානකයි. මම එන්නත ලබා ගත්තා. මම එය මගේ පවුල සඳහා ද ලබා ගත්තා. ඔබටත් එය ලබා ගන්න කියලා මම කියනවා. යන්න, එන්නත ගන්න."

මේ අතර, ඊයේ (අගෝස්තු 1) රාත්‍රී 8.30 වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකු ලබාගෙන ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා ගෙන ඇති සංඛ්‍යාව 455,151කි.

සිනොෆාර්ම් එන්නත පළමු මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 8,077,072කි. දෙවන මාත්‍රාව 1,785,041 දෙනෙකු ලබා ගෙන ඇත.

ස්පුට්නික් - V එන්නතේ පළමු මාත්‍රාව 159,081 දෙනෙකු ලබා ගෙන ඇති අතර 14,503 දෙනෙකු දෙවන මාත්‍රාව ලබා ගෙන තිබේ.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 201,495 දෙනෙකු ලබා ගෙන ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව 192කි.

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 714,091කි.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now