මර්වින් සිල්වා තවදුරටත් රිමාන්ඩ්!

Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන අප්‍රේල් 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකු පසුගිය මාර්තු 05 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

හිටපු ඇමති ගම්මන්පිල නිදොස් කොට නිදහස්

හිටපු ඇමති ගම්මන්පිල නිදොස් කොට නිදහස්

එදින මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔවුන්ව මාර්තු 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණු අතර, අද (24) නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, අප්‍රේල් 3 දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කළේය.