මෙරට ලොවම දන්නා ප්‍රබල චරිතයක් අභාවප්‍රාප්ත වෙයි..

By Aruna Jul 20, 2023 03:41 AM GMT
Report

ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා විසින් මෙරට තේ කර්මාන්තයේ නවමු පියවරක් තබමින් ඩිල්මා තේ හදුන්වා දෙනු ලැබූ බව ලොවට නොරහසක්.

ඔහු වසර 70ක් පුරා උසස්ම වර්ගයේ තේ නිර්මාණය කරමින් ලාංකීය තේ එකතුවක් ලොව පුරා ව්‍යාප්ත කර තිබීමද විශේෂත්වයක්.

ආරම්භයේදී එනම්, 1954 දී මෙරිල් ජේ. ප්‍රනාන්දු AF Jones & Coහි ආතර් ෆෙඩ්රික් ජෝන්ස් සහ ඔහුගේ පුතුන් වන ඩෙනිස් සහ ඇලන් ජෝන්ස් සමඟ තේ සහයකයකු ලෙස ද කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.