භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට.

Government Of Sri Lanka Income Tax Department Value Added Tax​ (VAT)
By Wayomi Feb 21, 2024 06:47 AM GMT
Wayomi

Wayomi

Report

ආනයනයේ දී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් වෙනුවෙන්.

එම ගැසට් පත්‍රයට අනුව උඳු (අනෙකුත්) සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රු. 200 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම කව්පි (අනෙකුත්), බීජ කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ), බීජ - අනෙකුත් (මිලට්), කුරක්කන් (ඉලියුසිනේ කොරකාන විශේෂ) හා මිලට් (අනෙකුත්) ආනයනයේදී මෙතෙක් පැවති කිලෝග්‍රෑමයකට රු. 70ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 300 ක් දක්වා ත් ඉහළ නංවා ඇත.

ඊට අමතරව බඩඉරිඟු සඳහා ද රු. 25ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇති අතර බඩඉරිඟු, උඳු, මුං ඇට, කව්පි හා කුරක්කන් ආනයනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත සිදු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයේ සඳහන්.  

ReeCha