රටම කළඹපු මීගොඩ දන්සල් අනතුරට කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

Report

මීගොඩ මාරක අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ අනතුර සිදුකර පලාගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙකි

ඔවුන් අද (6) උදෑසන මීගොඩ පොලිස් ස්ථානය වෙත නීතිඥයෙකු මාර්ගයෙන් ‍පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.  

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්‍ෂක ලේකම් අතර සුවිශේෂී හමුවක්

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්‍ෂක ලේකම් අතර සුවිශේෂී හමුවක්


මීගොඩ ප්‍රදේශයේ දන්සල් පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය .

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මැයි 31 වන දින රාත්‍රී 11.50ට පමණ, මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් "රොටී දන්සලක" පෝලිමක සිටි පිරිසක් අනතුරට පත් කර "නොනවත්වා පලා ගොස්" තිබුණි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු රෝහල්ගත කරන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය පැවසීය.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ව්ලි.පී.ජේ. සේනාධීර ජූනි 1 පැවති මාධ්‍ය හමුවකදී මෙම අනතුර සිදුව ඇති ආකාරය පැහැදිලි කළේ ය.

"මේ හයිලක්ස් කැබ් රථය ලොරියක් පිටුපසින් ඇවිල්ලා තියෙන්නේ. දකුණෙන් ඉස්සර කරන්න හදනකොට ඉදිරියෙන් එන වාහනයක් නිසා නැවත වම් පසින් ඉස්සර කරන්න යද්දී, රොටී දන්සලක පෝලිමක හිටපු අයගේ අත්වල වද්දාගෙන ඉස්සරහට ගිහින් තියෙනවා. වාහනය තවත් ඉදිරියට යද්දී තවත් පිරිසක් තුවාල ලබල මිය ගියා," යනුවෙන් ඔහු පැවසීය.