රෝගීන් භාවිතා කිරීමෙන් පසුවයි ඖෂධ වල තත්වයන් අසමත් බව දැනගෙන තියෙන්නේ.
2022 වර්ෂයේ දී රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.
ඒ අනුව ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රුපියල් මිලියන 32ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම මත පසුගිය වසර තුළ තාවකාලික ව භාවිතය අත්හිටුවා ඇති බව ද එම වාර්තාවේ සඳහන්.
විශේෂයෙන්ම වෛද්‍ය සැපයීම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වන විටත් එම ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිත කර අවසන් කර තිබූ බව ද විගණනය මඟින් අනාවරණය වී ඇත.