බංග්ලාදේශයෙන් මෙරටට ඖෂධ තොගයක්.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කෝ,මසාරිස් තාරික් මිඩ් අරිෆුල් ඉස්ලාම් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර හමුවක් පවත්වා තිබෙනවා.
එම හමුව සෞඛ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
එම හමුවේදී ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතියේ දී මෙරටට ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ එම ඖෂධ තොගය අතර මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 54ක් මෙන්ම පිළිකා සහ වකුගඩු ඖෂධ ඒ අතර වන බවයි.
මහා කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඩොලර් මිලියනක් වටිනා තවත් ඖෂධ තොගයක් මෙම ඖෂධ තොගයට අමතරව ඉදිරියේදී ලබා දීමට තීරණය කර ඇති බවයි.
එසේම ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමේ දිගුකාලින වැඩපිළිවෙලක් ලංකාව හා බංග්ලාදේශය අතර සැකසීමේ අවශ්‍යතාව ද මෙම හමුවේදී අවධාරණය කර තිබෙනවා.