රෝහල් පිරෙයි. අවදානම නිසා එක් ප්‍රදේශයක නිවසේ සිට ප්‍රතිකාර

Gampaha Sri lamka
By Sithumi Aug 01, 2021 04:39 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූවද රෝග ලක්ෂණ නොපෙන්වන නිදන්ගත රෝගවලින් නොපෙලෙන රෝගීන් තම නිවෙස්වලම තබා අවශ්‍යවූවහොත් පමණක් රෝහල්ගත කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කර සිටියේ, සියලුම ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම වෙනුවට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කොට ඇති බවය. 

 මේ යටතේ රෝග ලක්ෂණ නොපෙන්වන අවුරුදු 5 ත් 60 ත් අතර වයසේ පසුවන කොරෝනා ආසාදිතයින් සිය නිවෙස්වල වෙන් කොට තබාගත හැකිනම් පමණක් නිවැසියන්ගේ කැමැත්ත මත මෙම වැඩපිළිවෙළ සිදු කෙරෙන බවද අධ්‍යක්ෂවරයා කීය. 

මෙලෙස නිවෙස්වල සිටින රෝගීන් සම්බන්ධයෙන්, ජාතික මට්ටමේ කොවිඩ් ඇමතුම් මධ්‍යස්ථානයේ පැය 24 පුරා රැදී සිටින වෛද්‍යවරුන් විසින් රෝග තත්ත්වයන් පිළිබඳව දෛනිකව දුරකථනයෙන් විමසා බැලීම සිදු කරන බවත් යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් වහාම ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැහැදිලි කළේය