ලංකාවේ 40,000ක් වෛද්‍යවරුන් නොවන අය බෙහෙත් දෙනවා- "මෙහෙම ගියොත් ඉදිරියේදී ලෙඩවලට බෙහෙත් අහන්නේ නැති වෙයි" – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බරපතල අනතුරු ඇඟවීමක්
40,000ක් පමණ වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් මෙරට තුළ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සදහන් කර තිබේ .
මෙම තත්ත්වය මහජන සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපෑම් සිදුකරන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා මෙම අදහස් පල කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .
එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
"ඖෂධ සඳහා ප්‍රතිරෝධ නැඟෙමින් පවතිනවා විෂබීජවල. විශේෂයෙන් ප්‍රතිජීවක සම්බන්ධ. ඒකට ප්‍රධාන හේතුව තමයි ප්‍රතිජීවක භාවිතය ඉතාමත්ම ලංකාවේ ඉහළයි. පළවෙනි කාරණය රෝගීන් ගෙවල්වලදීම ලෙඩ සඳහා ප්‍රතිජීවක ලබා ගන්නවා. දෙවෙනි කාරණය ඒගොල්ලෝ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා ඉල්ලනවා අපිට ප්‍රතිජීවක ලබා දෙන්න. තුන්වෙනි එක වෛද්‍යවරුනුත් මේ වගේ දේවල් ජනතාව ඉල්ලයි කියලා හිතලා මේක දුන්නොත් ඉක්මනට අඩු වෙයි කියලා හිතලා වෛද්‍යවරුනුත් නිතරම ප්‍රතිජීවක පාවිච්චි කරනවා.
විශේෂයෙන් හොස්පිටල්වල ඒක වෙන්නේ නැහැ.
ඊට පස්සේ අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ 40,000ක් විතර වෛද්‍යවරු නොවන අය බෙහෙත් නිකුත් කරනවා. මේ අයගෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ලැබෙනවා. එතකොට දැන් මෙහෙම ගියොත් එහෙම වෙන්නේ ඉදිරියේදී සිංහලෙන් කියනවා නම් බෙහෙත් අහන්න නැති වෙනවා " "පළවෙනිම කාණ්ඩය තමයි කිසිම සුදුසුකම නැතුව. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාලයක පැත්ත පළාත යන්නේ නැතුව ෆාමසීවල එහෙම වැඩ කරලා අර බෙහෙත් අඳුනාගෙන බෙහෙත් දෙන කට්ටිය. එහෙම කට්ටියකුත් ඉන්නවා.
උදේම බිහිසුණු ඛේදවාචකයක් - කඩුවෙල හදිසි ගින්නෙන් එකම පවුලේ මව, පියා සහ කුඩා දරුවන් දෙදෙනා අවසන ගමන් යයි
අපි දන්නවා නීතිය අනුව බටහිර වෛද්‍ය ඖෂධ භාවිතා කරන්න පුළුවන් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි වූ වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අමතරව යම්කිසි වෛද්‍යවරයෙක් ලියනවා නම් ප්‍රතිජීවක මම කියන්නේ ඒක සැලකිය යුතු අපි ඒක සමාජයේ සාකච්ඡා කරන්න ඕන."