ට්‍රම්ප්, පුටින් සහ ෂීගේ හමුවේ තීරණාත්මක හමුවේ සාකච්ඡා වන කරුණු එළියට - ලෝක දේශපාලනයට සිදුවන බලපෑම මෙන්න

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් අද (19) චීනයේ ෂෙන්සෙන් නගරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම හමුව ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම සාකච්ඡාව 1945 වසරේදී යාල්ටාහිදී අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමයේ නායකයන් අතර පැවති ඓතිහාසික හමුවට සමානත්වයක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු-යුක්රේන යුද්ධය, අමෙරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණ සහ ගෝලීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙම නායකයන් තිදෙනාම හමුවට එක්වන්නේ තම තමන්ටම ආවේණික වූ දේශපාලන හා ජාත්‍යන්තර අරමුණු පෙරදැරි කරගෙනය. එබැවින් මෙම හමුවෙන් ලෝක දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවේද යන්න පිළිබඳව මේ වන විට අවධානය යොමුව තිබේ.

ලෝකෙම කුතුහලෙන් - අද ප්‍රථම වතාවට ලොව ප්‍රබලතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා එකවර සාකච්ඡා මේසයකට

ලෝකෙම කුතුහලෙන් - අද ප්‍රථම වතාවට ලොව ප්‍රබලතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා එකවර සාකච්ඡා මේසයකට

යුක්රේන යුද්ධය ගැන පුටින්ගේ අවධානය

2022 පෙබරවාරි මාසයේදී ආරම්භ වූ රුසියානු-යුක්රේන යුද්ධය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම යුද්ධය පැය 24ක් ඇතුළත අවසන් කරන බවට මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබුණි. යුරෝපීය ආරක්ෂාව සම්බන්ධ මූලික තීරණ යුරෝපීය රටවල සහභාගීත්වයකින් තොරව ගත නොහැකි බව යුරෝපීය විදේශ සබඳතා කවුන්සිලයේ (ECFR) ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති විශේෂඥ ෆ්‍රෙඩ්රික් වෙස්ලෝ AFP පුවත් සේවයට පවසා තිබේ.

එමෙන්ම අමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන් සමඟ එකම සාකච්ඡා මේසයක අසුන් ගැනීමට ලැබීම රුසියාවට ගෝලීය බලවතෙකු ලෙස සිය තත්ත්වය නැවත තහවුරු කර ගැනීමට අවස්ථාවක් වනු ඇති බව හඩ්සන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන සිපෝරා ෆ්‍රීඩ් පෙන්වා දී ඇත.

භූමි ප්‍රදේශ, සම්බාධක හෝ යුක්රේනයේ අනාගත දේශපාලන දිශානතිය සම්බන්ධයෙන් කිසිදු සහනයක් නොලැබුණද, රුසියාවට ජාත්‍යන්තර දේශපාලනය තුළ නැවත පිළිගැනීමක් හිමිවීමම සැලකිය යුතු වාසියක් බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සෝනියාගේ පොතට එරෙහිව ඉන්දියාවේ විරෝධයක් - ඡායාරූප ඉරා දැමීමෙන් දේශපාලනය උණුසුම් වෙයි

සෝනියාගේ පොතට එරෙහිව ඉන්දියාවේ විරෝධයක් - ඡායාරූප ඉරා දැමීමෙන් දේශපාලනය උණුසුම් වෙයි

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ අවධානය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සාකච්ඡාවේදී රුසියාවේ සහ චීනයේ න්‍යෂ්ටික අවි ගබඩා සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

චීනය සතුව න්‍යෂ්ටික යුධ ශීර්ෂ 600කට වැඩි ප්‍රමාණයක් පවතින අතර, අමෙරිකාව සහ රුසියාව සතුව එක් රටකට 5,000කට වැඩි ප්‍රමාණයක් පවතී.

චීනය සතු න්‍යෂ්ටික අවි ප්‍රමාණය සාපේක්ෂව අඩු බැවින් එම මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බීජිං පාලනය මෙතෙක් එතරම් උනන්දුවක් දක්වා නොමැත.

අමෙරිකාව සහ රුසියාව අතර පැවති අවසන් න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම වන 'New START' ගිවිසුම පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් විය.

ඒ වෙනුවට චීනය ද ඇතුළත් කරගත් නවීන හා වැඩිදියුණු කළ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබේ.

මේ අතර, චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අතර මෙම සතියේ පැවති දුරකථන සංවාදයකදී ද න්‍යෂ්ටික අවිහරණය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නායක මට්ටමේ සාකච්ඡාවල වැදගත්කම පිළිබඳව එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

සැඟවී සිටින ලෂ්කර් ත්‍රස්තයාට පොලිසියෙන් වීඩියෝ ඇමතුමක් - යටත් වෙන්නැයි සෘජුවම දැනුම් දෙයි

සැඟවී සිටින ලෂ්කර් ත්‍රස්තයාට පොලිසියෙන් වීඩියෝ ඇමතුමක් - යටත් වෙන්නැයි සෘජුවම දැනුම් දෙයි

ඉරානය සමඟ පවතින යුද්ධයත් සාකච්ඡාවට

මෙම නායක හමුවේදී අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

න්‍යෂ්ටික අවිහරණය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කරන අතරම ඉරානයේ යුද්ධය අවසන් කිරීමට ද තමන් උත්සාහ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ලෝකයේ ප්‍රබලතම බලවතුන් තිදෙනෙකු එකම සාකච්ඡා මේසයකට එක්වන මෙම හමුවෙන් ජාත්‍යන්තර දේශපාලනයට කෙබඳු බලපෑමක් එල්ල වේද යන්න පිළිබඳව මේ වන විට ලොව පුරා අවධානය යොමුව තිබේ.

උදා වෙන නත්තල් කාලේ වෙන්න යන විනාසේ.. යුරෝපයේ සිටින ඇමරිකානුවන්ට නව අනතුරු ඇඟවීමක්

උදා වෙන නත්තල් කාලේ වෙන්න යන විනාසේ.. යුරෝපයේ සිටින ඇමරිකානුවන්ට නව අනතුරු ඇඟවීමක්