ලෝකෙම කුතුහලෙන් - අද ප්‍රථම වතාවට ලොව ප්‍රබලතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා එකවර සාකච්ඡා මේසයකට
By Kaushi
චීනයේ ෂී ජින්පින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ව්ලැඩිමීර් පුටින් අද(19) දින චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ලොව ප්‍රබලතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා එකවර සාකච්ඡා මේසයකට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර එය සියලු දෙනාගේ වැඩි අවධානයට යොමුව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම සාකච්ඡාවේදී යුක්‍රේනය සහ ඉරාන යුද්ධ, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය, වෙළෙඳ ගැටුම් සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව අදහස් හුවමාරු කරගනු ඇති බව සඳහන්.
එසේම ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේ, මෙම ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව සඳහා පැයකට නොවැඩි කාලයක් වෙන්කර තිබෙන බවයි.
කෙසේ වෙතත් මෙම හමුව ලෝක දේශපාලනය තුළ නායකයින් තිදෙනාගේ බලපෑම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් වුවද, සැලකිය යුතු එකඟතාවන්ට එළඹීමේ ඉඩකඩ සීමිත බව ද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.