ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්

Report

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය මඟින් පුද්ගලික ඉන්ධන සමාගම් තුනම මේ වන විට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කරන බව පවසන බව වාර්තා වේ.

ඒ අනුව එම සංගමය පෙන්වා දුන්නේ ප්‍රමාණවත් ලෙස ඉන්ධන නිකුත් කරන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව මෙසේ ඉන්ධන නිකුත් කිරීම ක්‍රමවත් කිරීමට පුද්ගලික ඉන්ධන සමාගම් කටයුතු කර ඇති බවයි.

එසේම මෙම ගැටලුව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සහ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය දැනුවත් කර බවත්, එම ආයතනවලින් ලැබුණු සහයෝගය ද තම ඉල්ලීම් ඉටු කරගැනීමට බලපෑ බවත් බෙදුම්කරුවෝ කියා සිටි බව සඳහන්.

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

එබැවින් සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් මේ වනවිට සුපුරුදු ලෙස ඉන්ධන නිකුත් කිරීම සිදුවන අතර ඉන්ධන සම්බන්ධයෙන් පැවැති බොහෝ ගැටලු මේ වන විට සමථයකට පත්කරගෙන ඇති බව ද ඔවුන් පැවැසූ බව වාර්තා වේ.

එසේම ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉකුත් නොවැම්බර් 10 වැනි දින කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර පෞද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් වෙනුවෙන් නිසි පරිදි ඉන්ධන නොලැබීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවද ඔවුන් එහිදී අවධාරණය ක‍ර සිටියා.

මෙසේ මාසයකටත් වැඩි කාලයක් තිස්සේ ඉන්ධන නිකුත් කිරීම සිමා කිරීමට පුද්ගලික සමාගම් කටයුතු කර තිබූ අතර එම කාලය තුළ වැඩි වශයෙන් ඉන්ධන නිකුත් කෙරුණේ ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් බව සඳහන්.

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

නැවත නිල දැනුම්දීමක් දෙන තුරු මෙහි ඇතුළුවීම තහනම් බවට නිවේදනයක් - මේ නීති හා රෙගුලාසිවලට එරෙහි අයට නීතිමය ක්‍රියාමාර්ග

නැවත නිල දැනුම්දීමක් දෙන තුරු මෙහි ඇතුළුවීම තහනම් බවට නිවේදනයක් - මේ නීති හා රෙගුලාසිවලට එරෙහි අයට නීතිමය ක්‍රියාමාර්ග