අක්වාන් සුළි කුණාටුව තාම ඉවර නෑ - හෙට 11.30 ට වෙන්න යන දේ - ශ්‍රී ලාංකික ධීවරයින්ටත් අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික සහ ධීවර ප්‍රජාවන්ට අනතුරු අඟවා ඇත.
ඒ අක්වාන්' නම් දරුණු සුළි කුණාටුව නිසා බෙංගාල බොක්කෙහි නිශ්චිත ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසයි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, සුළි කුණාටුව ඊයේ (18) දින රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 740 ක් පමණ ඊසාන දෙසින්, දකුණට සහ යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයට ඉහළින් පිහිටා තිබුණු අතර එය හෙට (20) උදෑසන 11.30 ට පමණ උතුරු-වයඹ දෙසට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බව අපේක්ෂා කරයි.
එසේම පූර්වාරක්ෂාවක් වශයෙන් නැවත දැනුම් දෙන තුරු 10°N–20°N අක්ෂාංශ සහ 80°E–95°E දේශාංශවලින් මායිම් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම මෙම ප්‍රදේශවල දැනටමත් ක්‍රියාත්මක වන අයට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත් ඉල්ලා ඇත. ඊට අමතරව කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වයඹ හෝ ඊසාන දෙසින් සුළං පැයට කිලෝමීටර 30-40 දක්වා ඉහළ යා හැකි අතර, සුළං වේගය පැයට කිලෝමීටර 50-55 දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
මෙම වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිත මුහුද විටින් විට රළු විය හැකි බව අපේක්ෂා කරන අතර දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථව පවතිනු ඇති බව දන්වයි.
නැවත නිල දැනුම්දීමක් දෙන තුරු මෙහි ඇතුළුවීම තහනම් බවට නිවේදනයක් - මේ නීති හා රෙගුලාසිවලට එරෙහි අයට නීතිමය ක්‍රියාමාර්ග
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට පැයට කිලෝමීටර 60-70 දක්වා තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද අනතුරු අඟවා ඇත.
එසේම නාවික සහ ධීවර ප්‍රජාවන්ගෙන් විමසිලිමත්ව සිටින ලෙසත්, ඉදිරි කාලගුණ අනාවැකි සහ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද උපදේශන හොඳින් නිරීක්ෂණය කරන ලෙසත් ඉල්ලා සිටියි.
