ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක් සමග අනවශ්‍ය ලෙස මැජේස් කරලා - වැඩේ මාට්ටු

Report

වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සමග රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදිනියක විසින් ඇය සිදු කර ඇති whatsapp පණිවිඩ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් එම අමාත්‍යවරයාවත්,රජයත් අපහසුතාවට පත් කරන බවට මාධ්‍යවේදිහු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට සුදානම් වන බව වාර්තා වේ.

මෙම මාධ්‍යවේදිනිය විසින් අදාල අමාත්‍යවරයා ඇයට එවා ඇතැයි කියන Whatsapp පණිවිඩ තැන් තැන් වල ප්‍රදර්ශනය කරමින්

"මෙන්න මට එවන මැසේජ්.මුන් ආණ්ඩු කරන්න අරගෙන ඇමති පට්ටම් අර ගෙන දැන් පරණ ඇරියස් කවර් කරන්න අරගෙන"

ලෙස පවසා ඇති බවට වාර්තා වේ. ඉන් පසු තවත් මාධ්‍යවේදිනියක් විසින් තම දුරකථනයේ එම පණිවිඩ පටිගත කර ගෙන තිබේ.

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

එලෙස එම කරුණු පටිගත කර ගෙන ඇති මාධ්‍යවේදිනිය මේ බව අදාල අංශ වෙත වහාම දැනුවත් කරන ලෙස පවසා ඇයට හිතවත් කීපදෙනෙකුටම එය අසන්නටද සළසා තිබේ.

මේ අතර මෙම මාධ්‍ය ආයතනයේම සේවය කරන මාධ්‍යවේදියෙකු මෙම Whatsapp පණිවිඩ හුවමාරු වන සිදුවීම පිළිබඳව තොරතුරු දැන ගෙන ඇත. එමෙන්ම මෙකී මාධ්‍යවේදිනිය තම පියා රෝහණ විජේවීර සමග ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගිමට දායක වූ බව පවසමින් වත්මන් රජයටද දෙස් තියෙන තැනැත්තියක ලෙසද ප්‍රකටව තිබේ.

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

ඉතිහාසය උඩුයටිකුරු කරමින් පළමුවරට රන් මිළ ඉහළම අගය වාර්තා කරයි

තමාට ඇති දේශපාලන සම්බන්ධතා අනෙක් කිසිදු අයෙකුට නැති බවත් ඉතාම ඉක්මනින් එක් දවසකට හෝ තමන් අංශ ප්‍රධානියා වන බවත්,ඊට තමන්ට Whatsapp පණිවිඩ යොමු කරන අමාත්‍යවරයා ඇයට සහය ලබා දෙන බවත් මෙම මාධ්‍යවේදිනිය පවසා ඇතැයිද සඳහන් වේ.